Posts

වික්ටර් ලෙලුම් සහ අපි...

Image
වික්ටර් රත්නායක ගැන ඉස්මතු වූ සංවාදය පුද්ගලික කාරණාවක් කියන එක පටු අදහසක් කියලයි මට හිතෙන්නේ. ඒ තොරතුරු සංවාදයට ගැනීමට අපිට තියෙන අයිතිය එන්නේ වික්ටර් රත්නායක නියෝජනය කළ සංස්කෘතික මතවාදය සහ ඔහුගේ ගීතවලින් වෑහෙන ‘රසය’ අතර තියෙන පරස්පරයෙන්; ගොඩක් අය මතු කරපු විදිහටම මේ රසයට එරෙහිව වික්ටර් රත්නායක කියන සමාජ පෞරුෂය කාලාන්තරයක් තිස්සේ කර ගෙන ගෙන ආ බොරු සදාචාරවාදී අනුශාසනාවලින්; ඒ අනුශාසනා අතහැරලා ජීවිතයේ ඇත්තට මුහුණ දෙන්න වික්ටර් ගත්ත තීරණයෙන්.

වික්ටර්ගේ හැත්තෑවේ දසකයේ මුල් ගායනාවල හඬ, පෞරුෂය, රිද්මය සහ භාවමය ගුණය පද අරුතින් මිදුණු, සමහර අවස්ථාවලදී පසුගාමී පදවලින් පවා නොදැමුණු, ප්‍රතික්ෂේප කළ නොහැකි ශෘංගාරාත්මක රසගුලාවක්. ඒත් සංගීතය, මීවිත, මිතුරු ඇසුර වින්දනය කළ වික්ටර්, අවාසනාවකට වගේ නිරන්තරයෙන්ම නියෝජනය කළේ ඒ සුන්දරත්වයට එරෙහි කුහක, කෘතිම සාදාචාරවාදයක්. ඔහු ප්‍රසිද්ධියේ අපිට දුන් අවවාද, අනුශාසනා, මතවාදී වටිනාකම් හැම තිස්සෙම වගේ වික්ටර්ගේ ගායනා ඉස්මතු කළ ‘ජීවිතයට ඇලුණු’ අදහස්වලට විරුද්ධවයි පෙනී හිටියේ. සමහරවිට මේ පසුගාමී මතවාදවලට වික්ටර් පුද්ගලයෙක් හැටියට තනිව වගකිව යුතු නැති වුණත්, වික්ට…

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...

Image
චින්තනගේ කාල් මාක්ස් කියවීම ඉදිරියටම යනවා. ලංකාවේ වමේ, දකුණේ සහ ස්වාධීන යැයි හිතන අයත් තම ‘නැණ’ පමණ ඒකට ප්‍රතිචාර දක්වනවා. අපි කැමති වුණත් නැතත් කාල් මාක්ස් ලෝක සංස්කෘතියේ නිවා දැමිය නොහැකි ගිණි පුපුරක්. ලන්ඩනයේ ඕනෑම සංචාරක පත්‍රිකාවක ම වගේ ඔහුගේ ලන්ඩන් ජීවිතය සහ ස්මාරකය ගැන විස්තර වෙනවා. ලෝකයේ සෑම රටක ම වගේ විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශවල සුජෘව හෝ වක්‍ර ප්‍රතිචාර හැටියට හෝ ඔහු ඉන්නවා. දේශපාලන පාර්ශව ඔහු කියවමින්, ඔහුට එරෙහි වෙමින්, ඔහු විකුණමින් සංවිධානය වෙනවා. අපි ඔහුට එකඟ වීම හෝ එරෙහි වීම නොතකා‍ විසි වෙනි ශතවර්ෂයේ සිට ඕනෑම දාර්ශනික අදහසකට මාක්ස්ව මග හැර යා නොහැකි බව පැහැදිලි යි.

සාමාන්‍යයෙන් අපිට මාක්ස්ව මුණ ගැහෙන්නේ එක්කෝ වමේ ව්‍යාපාරවලින්; නැත්නම් දකුණේ විවේචනවලින්. මේ හැම තැනකදි ම මාක්ස් අපිට පේන්නේ යම් කිසි අරමුණක් වෙනුවෙන් කළ අර්ථ දැක්වීමක් විදිහට. බොහෝ වෙලාවට මේ අර්ථ දැක්වීම් අනුව තමයි අපි මාක්ස්ට කැමති හෝ විරුද්ධ වෙන්නේ. හැම දාර්ශනිකයෙක්ම අපිට මුණ ගැහෙන්නේ ඒ විදිහට. බුදු දහම වුණත් එහෙම යි. ගමේ සමහර ආච්චිලා මාක්ස්ගේ එංගල්ස්ගේ පින්තූර චේගුවේරා කාරයින්ගේ පින්තූර විදිහට අඳුර ගන්න…

ජාතිකත්වය ගැන ප්‍රවාද...

Image
සිංහල බෞද්ධ ජාතිකවාදය ගැන අදහසක්වංශපුර දේවගේ ජානක ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරනවා. නමුත් ලෝකයේ සෑම ප්‍රාථමික ජන සමාජයක ආකෘතියම තමයි මේ ‘සිංහල බෞද්ධ ජාතිය’ විදිහට ජානක අලුතෙන් ඉදිරිපත් කරන්නේ. අපි කැමති වුණත් නැතත්, ‘කුඩා ජන සමාජ’, පැවැත්ම සහ ආරක්ෂාව සඳහා ‘ලොකු සමාජවල බහාලීම’ කියන්නේ සාමාන්‍ය සමාජ විද්‍යාව සමාජය පැහැදිලි කරන සම්ප්‍රදායික ආකෘතිය ම යි. මේ ලිපියේ එකම වෙනස ඒ ප්‍රාථමික සරල සමාජයක් ගැන අදහස, අතීතකාමී පදනමකින් වර්තමානයට අලුතෙන් යෝජනා කිරීම යි.

‘සාපේක්ෂව පැවතීම’ හෙවත් මිනිසා සහ ජීවත්වෙන පරිසරය අතර සම්බන්ධය පැහැදිලිව හඳුනා ගත හැකි තරම් සරලව පෙනීම ප්‍රාථමික සමාජවල අනිවාර්ය ලක්ෂණයක්. අපේ සරල ගැමි ජීවිතවල හැත්තෑවේ දශකය වෙන තෙක්ම මේ ස්වරූපය පැහැදිලිව දැකිය හැකි වුණා. මේ සරල සම්බන්ධය අඩු වැඩි වශයෙන් මෑතක් වෙනතුරු පෙරදිග සහ මධ්‍යකාලීන යුග වෙනතෙක් බටහිරත් පැවතුණා. ජානක කියන විදිහටම, ජාතිය කියන අදහස පැතිරෙන්නේ කුඩා සමූහවල පැවැත්ම සහ ආරක්ෂාව සඳහා කුඩා ඒකක එක්සත් කිරීමේ අරමුණෙන්. පවුල, වරිගය, කුලය, ගෝත්‍රය, ජාතිය ආදි වශයෙන් විශාල ඒකක හැටියට සංවිධානය වීම වගේම, විශාල ඒකක ඇතුළේ කුඩා ඒකක ආරක්ෂා…

රැළි මත පාවෙන කැප්ටන්ලා සහ ටින්ටින්ලා...

Image
හම්බන්තොට වරායේ සිදුවීම සමග නාවික හමුදාපතිවරයාගේ සහ මාධ්‍යවේදියාගේ වෘත්තීයභාවය පිළිබඳ නොයෙක් සංවාද ඇති වුණා. මාධ්‍යවේදය, සමාජ වටිනාකම් සහ අද කාලයේ සමාජ ප්‍රවණතා පිළිබඳ සංකීර්ණ ප්‍රශ්න කීපයක් මේ සිදුවීම එක්ක ඉදිරියට ආවා.

නූතන පසුබිම යටතේ මාධ්‍යවේදය වැනි ක්ෂේත්‍රයක් ප්‍රශ්න කිරීම කළ යුත්තේ සියළු තත්ව සලකා බලන සංකීර්ණ පදනමක සිට පමණයි. අද මාධ්‍යවේදය කියන්නේ විසුරුණු පරාසයක, විසුරුණු අරමුණු වෙනුවෙන් කෙරෙන සංකීර්ණ ක්‍රියාදාම පද්ධතියක්. මාධ්‍ය හා බැඳුනු ප්‍රසිද්ධිය කියන්නේ බලයට, ආරක්ෂාවට, පැවැත්මට මගක්. යම් අදහසක් වෙනුවෙන් හැකි ඉක්මනින් අනුගාහකත්වය සංවිධානය කිරීමටයි අද මාධ්‍ය මූලික වශයෙන් භාවිතා වෙන්නේ. කෙනෙකුට අවශ්‍ය අරමුණක් අනුව තොරතුරු සොයා ගැනීමට හෝ තෝරා ගැනීමට ඕනැ තරම් මාධ්‍ය ඇති අතර ම, තොරතුරු සකස් කෙරෙන්නේ සුවිශේෂ අරමුණු වෙනුවෙන් පමණ යි. ‘මාධ්‍යකරණය යනු තොරතුරු සන්නිවේදනයයි’ වැනි අහිංසක අදහස් දැන් යල් පැන ගොස් බොහෝ කල්. 

ඒ අනුව මාධ්‍යවේදය යනු තව දුරටත් දුරින් සිට හෝ මධ්‍යස්ථව සිට හෝ වාර්තා කිරීමක් වෙන්නේ නැහැ; එය සිදුවීමක අඛණ්ඩ කොටසක්. සිදුවීමකට සජීවීව හවුල් වීමෙන්, අදාළ පාර්ශව උත්තේජනය…

අම්පිටියේ සුමන හිමිගෙන් වෙන්ව ‘යමු’!

Image
අම්පිටියේ සුමන හිමිගේ හැසිරීම ගැන ‘යමු’ කණ්ඩායම ඉදිරිපත් කළ මතවලට අති දැවැන්ත විරෝධයක් එල්ල වුණා. මීට කලින් ම කලාත්මක විදිහට අසභ්‍ය වචන භාවිතා කිරීමට සුමන හිමිගේ ඇති දක්ෂතාවයට දස අතින් පැසසුම් ලැබී තිබුණා. ඊට අමතරව, සිවුරට නොගැලපෙන විදිහට හැසිරීම, චණ්ඩියෙක් ලෙස රඟපෑම, ද්‍රවිඩ ග්‍රාමසේවක නිලධාරීයාගේ සේවයට අයුතු ලෙස බාධා කිරීම, ඔහුට ත්‍රස්තවාදියෙක් ලෙස අභූත චෝදනා කිරීම, පොලිසියෙන් කණට ගසා ඉවත් කිරීම වෙනුවට ‘අපේ හාමුදුරුවනේ’ පමණක් කීම, සුළුතර ජාතිකයෙකුට හෝ ගිහි අයෙකුට මෙසේ හැසිරීමට ඉඩක් ඇද්දැයි ඇසීම, විරුද්ධ පාර්ශවයේ ඉවසීම ආදිය ගැන සංවාදය අවසන් වෙන්නේ හිමිනමක් හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් සහ සුමන හිමියන්ට කෝපය කළමණාකිරීමේ වැඩසටහනකට යාමට යෝජනා කිරීමත් සමගින්.

එක විදිහකට දේශය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් පෙනී සිටින අයගේ ලේ උණු කරලා, එක් සේසත් කරන්න ඒ වීඩියෝව සමත් වුණා. ඉංග්‍රිසී කතා කරමින්, කොළඹ වායු සමනය කළ කාමරවල සැප විඳිමින්, මඩකලපුවේ වෙන දේ ගැන නොදැන විවේචනය කරන බවත්, පසුබිම නොතකා කතා කරන බවත්, ජාතිය ආගම වෙනුවෙන් අසභ්‍ය වචන භාවිතා කිරීම, මරණ තර්ජන කිරීම, පහර දීම, මිනී මැරීම ආදිය කැප බවත්, …

පළාත්, අනන්‍යතාවය, දේශප්‍රේමය සහ...

Image
තමන්ගේ පළාත වෙනුවෙන් සමාජ ජාල ප්‍රචාරණ දියත් කිරීම බැලු බැල්මට නම් සෙල්ලමක්. නමුත් තමන්ගේ පළාත එක්ක යටි හිතේ තියෙන බැඳීම සමහරවිට සෙල්ලමක් ම නොවෙන බව මේ හුවමාරු වෙන අදහස් එක්ක පේනවා. පිටස්තරයෙක් තමන්ගේ පළාත හෙළා දකින කොට, අපවාද නගන කොට සමහර අයගේ ලේ උණුවෙනවා. ඒත් මේ ව්‍යාපෘතිය සහ ඒ ගැන ඇවිළෙන සංවාද ‘අනන්‍යතාවය’ සහ ‘දේශප්‍රේමය’ කියන සංකල්ප ගැන ආයෙත් හිතන්න හොඳ අවස්ථාවක්. ඒ අර්ථයෙන් මේ තරගය ඇත්තට ම සුපිරි යි.


දේශය කියන මායිම, ගෙදර, වත්ත, ගම, නගරය, පළාත, රට, පෘතුවිය වගේ ම විශ්වය දක්වා වුණත් පුළුල් වෙන්න පුළුවන්. තමන්ගේ වත්ත, ගම විතරක් දන්න කෙනෙක් ඒකට ආදරය කරන එක සාධාරණයි; කෙනෙකුගෙ ළමා කාලය එක ම පළාතක ගෙවුණොත් මේක නොවැළැක්විය හැකි සාමාන්‍ය දෙයක්. නමුත් ඒ ආදරය ඇත්තට ම බැඳෙන්නේ ගමේ පොළවට ම නෙමෙයි; ඒ එක්ක බැඳි මතකයට. මේ තමන් ගැන ගොඩ නැගෙන මතකය තමයි අපි අනන්‍යතාවය එහෙම නැත්නම් ‘මම’ හැටියට වටහා ගන්නේ. ඒ වගේ ම ගම එක්ක නරක අත්දැකීම් තියෙන සමහර අය, ගම එපා වෙලා, ගම පැත්ත පළාතේ යන්නෙ නැතුව ඉන්නවා; එතකොට ඒ අය තමන්ගේ අනන්‍යතාවය හදාගන්නේ ‘ගම’ අත ඇරලා. නමුත් මේ සීමා පුළුල් වෙලා ගම, නගරය, රට දක්වා දැන ගත්ත…

ඉතින් කොස්තා ඔයා....

Image
අද කාලේ ජීවත් වීම මරණයක් වෙන සමහර අයට ඇත්තට ම ජීවිතයක් ලැබෙන්නේ මරණයෙන්; ඒ ජීවිතයේ හැඩය මැරෙන අයට වඩා ජීවත් වෙන අයට හරි වැදගත්. ඒත් විමල් කුමාර ද කොස්තාට දෙන්න ඕනැ හැඩය අඳුර ගන්න එක ලේසි නෑ; ඒ හැඩතල එළියට අදින කොට අනවශ්‍ය කරදර ගොඩාක් ඒ එක්ක එළියට එනවා. ඒ නිසා කොස්තාව අමතක කරලා තිරයේ පේන චරිත ගැන කතා කරන එක ඊට වැඩිය පහසුවක්. ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටියේ අවසානයේ එන්නේ දුෂ්ටයාගේ මරණය. චිත්‍රපටියේ රඟපාන අය පොකුණ දිහාත්, චිත්‍රපටිය බලන අය තිරය දිහාත් කෝපයෙන් බලාගෙන ඉන්නවා. ස්ත්‍රී දූෂක දුෂ්ටයාගේ ගිලී මිය ගිය සිරුර වතුරෙන් මතු වෙනවා. අපේ කෝපයට සරිලන විදිහට විනාශවෙලා ගිය, කැඩී බිඳී ගිය, දඬුවම් ලබපු සිරුරක් වෙනුවට මතු වෙන්නේ වෙනම රූපයක්; අත් දෙක ඉහළට පටළවා ගත්ත, ඇස් දෙක විකාර කර ගත්ත, නැටුම් ඉරියව්වකින් යුත්, අමුතුම දඬුවමක් ලබපු මළ සිරුරක්. අපේ කෝපය එක පාරටම කඩා වැටිලා, අනුකම්පාවක්, හිනාවක් වගේ ම, කෝපය ගැන ලැජ්ජාවකුත් එනවා. දුෂ්ටයාගේ චරිතයට අලුත් මානයක් එනවා වගේ ම, චරිතෙ පසා කරගෙන, තිරය කුඩු පට්ටම් කරගෙන ආයෙත් කොස්තා මතු වෙනවා.

ලංකාවේ සිනමා ඉතිහාසයට දෙන්න තමන් වෙනුවෙන් අනුන් ලියපු ලොකු ක…