අනුහස්

"අපි සව්දිය පුරමු" ලියන්නේ අනුහස්. අනුහස් කියන්නෙ මොන වගේ කෙනෙක් ද? අනුහස්ගේ ලියවිලිවල එන අදහස් මොනවද? අනුහස්ගෙ සැඟවුනු අරමුණු මොනවද? අනුහස් කියන්නෙ ඇත්ත නමක් ද බොරු නමක් ද? කර්තෘ බොරු නමක් භාවිතා කරන්නේ ඇයි? නැත්නම්, ඇත්ත නම ම භාවිතා කරන්නේ ඇයි? කර්තෘගේ පසුබිම, එයාගෙ වැඩපිළිවෙළ, එයාගේ තාක්ෂණය, එයාගෙ අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂභාවය වගේ දේවල් එයා ලියන දේ එක්ක කොච්චර සම්බන්ධ ද? කර්තෘ කියන්නේ තොරතුරු තෝරා බේරා ගෙන තමන්ගේ ප්‍රතිභාවෙන් ඒවා යළි ප්‍රතිනිර්මාණය කරන කෙනෙක් ද? එහෙම නැත්නම් මානව සංස්කෘතිය ගොඩනගන තොරතුරු, කියවන්නාට සංවිධානය කර දෙන අතරමැදියෙක් ද? කියවන්නාට රචකයාගේ පරම අදහස කෘතිය තුළින් සොයා ගන්න පුළුවන් ද? එහෙම නැත්නම් කියවන්නාට කෘතිය ඕනෑ ම විදිහකට ඕනෑම අන්තයකට තේරුම් කරන්න, කරකවන්න, අලුතින් ගොඩනගන්න පුළුවන් ද? ඉතිහාස රචකයා, වාර්තා රචකයා සහ ප්‍රබන්ධ රචකයා හෝ ඒ ඒ කුලකයට අයත් සියලුම නිර්මාණකරුවන් තම තමන්ගේ නිර්මාණ කරද්දි තොරතුරු හසුරවන විදිහේ වෙනසක් තියෙනව ද? මේ හැම දෙයක් ගැන ම අපේ අදහස් වෙනස් වූ විදිහ, වෙනස් වෙන විදිහ මොකක්ද? ඒවා විමසල බලන්න පුළුවන් එක එක විධි මොනවා ද? එක විදිහක් වෙනුවට තවත් විදිහක් තෝරාගන්න හේතුව මොකක්ද? ඒව පිටිපස්සේ නො පෙනෙන අරමුණු තියෙනව ද?

"අපි සව්දිය පුරමු" එක්තරා ආකාරයක වෙබ් සඟරාවක්. මේකෙ ලියවෙන්නේ සිනමාව ගැන, කලාව ගැන, දර්ශනය ගැන අනුහස් ගේ අදහස්. හැබැයි ඉහත හේතු නිසා ම ඒවා හැම තිස්සෙම, එක් එක් අයට පේන්නෙ ප්‍රගතියට හෝ පරිහානියට බර අදහස් විදිහට වෙන්න පුළුවන්. ඒ නිසා කියවන අයත් ලියන දේ ගැන සහ ලියන විදිහ ගැන අදහස් දක්වන්න, වැරදි හදන්න, සංවාදයට හවුල් විය යුතුමයි. ඒ අදහස් එක්ක සංවාදයෙන් අනුහස් තමන්ගේ අදහස් වෙනස් කර ගන්නවා. කියවන අයටත් තමන්ගේ අදහස් වෙනස් කර ගන්න ඒක උදව්වක් වුණොත් අනුහස්ට සතුටු යි! එහෙනම් මේ හැම දෙයක් ගැනම කතා කරන ගමන් "අපි සව්දිය පුරමු!"

Popular posts from this blog

නොනවතින මාතෘකාවකට මොහොතක නැවතුමක්: සිනමාව යනු කුමක් ද?

වික්ටර් ලෙලුම් සහ අපි...

චින්තනගේ මාක්ස්, වමේ මාක්ස් සහ මගේ මාක්ස්...